අගමැතිකමට ජනපතිගෙන් සරත් ෆොන්සේකාට ඇරයුමක්?..අද උදේ සිදුවූ දේ මෙන්න.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේ දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දූරකථනයෙන් අමතමින් රටේ ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර කතාබහක නිරත වී තිබෙනවා.
සමගි ජන බලවේගයේ උප නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම අවස්ථාවල දී ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගත යුතු යම් යම් වැදගත් තීන්දු තීරණ පිළිබඳ ජනධිපති සමග අදහස් හුවමාරු කරගත් බවයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පසුගිය දින දෙක තුළ දී අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා සහ සජබෙ උප නායකවරයා අතර මෙලෙස දීර්ඝ දූරකථන සංවාද සිදු වී තිබෙනවා.
මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අද (12) උදෑසන ජනාධිපතිවරයා විසින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හට රටේ අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙසට ආරාධන කළ බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සජබ උපනායක සමග සාකච්ඡා කළ බවත්, අද උදේ වරුවේ යම් යම් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් ගැනීමට හැකියාවක් ඇති බවත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |