ජනපති ගෝඨාභය ගෙන් සියලුම ලාංකිකයින්ට විශේෂ පණිවුඩයක්.!!

Gotabaya Rajapaksa
By Aruna May 11, 2022 02:13 AM GMT
Report

වාර්ගික සහ ආගමික අසමගිය කරා ඔබව තල්ලු කිරීමේ කඩාකප්පල්කාරී උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකා මෙන් අත්වැල් බැඳ ගත යුතු කාලය මෙය බවයි සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මධ්‍යස්ථභාවය, ඉවසීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

එම විශේෂ පණිවුඩය පහතින් බලන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery