විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මම සුදානම් - ජනපතිගේ විශේෂ ප්‍රකාශයක..(VIDEO)

By Sewvandhi May 11, 2022 05:40 PM GMT
Report

පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබෙන ලෙස 19 වන සංශෝධනයේ අන්තර්ගත කරුණු නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය. අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එසේම රට අරාජිකත්වයට පත්වීම වළක්වා ගැනීමටත් දැනට ඇණහිට ඇති රජයේ කටයුතු පවත්වාගෙන යාමටත් නව ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

එසේම ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත් අගමැතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට ද කටයුතු කරන බවය .

මේ අතර පත්වන නව රජය රට ස්ථාවරත්වයට පත් කිරීමෙන් පසු සියලුදෙනා සමගම සාකච්ඡා කර ජනාධිපති ධුරය අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහාද ඉඩ සලසා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

 ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery