Google Play අත්‍යවශ්‍ය සේවාවක්ද? එය Uninstall කරන්න බැරි ඇයි?

Google
By Wayomi May 09, 2022 07:20 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report
Google Play Services කියන්නේ ඕනෑම Android phone එකකටම අත්‍යවශ්‍ය App එකක්. එමඟින් ඔබ නිතර භාවිත කරන google mobile services (GMS) සහ ඔබේ smartphone එකේ අනෙකුත් apps සහ services අතර හොඳ සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන්න උදව් වෙනවා. සමහරු නම් හිතන් ඉන්නේ මේකේ නිකන් ඔහේ තියෙන app එකක් කියලා. වැඩිය ගණන් ගන්නෙත් නැහැ. සමහර වේලාවට phone එකේ storage එක වැඩියි කියලා මේ app එක uninstall කරන්නත් try කරනවා. ඉතින්, google play services එක ගැන හරි හැටි දන්නා නොදන්නා හැමෝටම මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. 


මොකක්ද මේ Google Play ? 

Google play services ලෙස හඳුන්වන මෙම android system එක නිතරම run වෙන process එකක්. සමහර වෙලාවට Google play store එකේ auto update සම්පූර්ණයෙන්ම disable කර තිබියදී පවා google play services කියන process එක automatically update වෙනවා. ඒක හරියට android apps සහ google services අතර සම්බන්ධය ඇති කරන පාලමක් වගෙයි. සාමාන්‍යයෙන් developer කෙනෙක්ට application develop කිරීමේදී google services එකේ පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. 
Google calendar, Gmail, Maps, Google Search කියන්නේ Google Services එකේ ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් සහ අත්‍යවශ්‍ය වන සේවාවන් කිහිපයක්. සාමාන්‍යයෙන් ඔබ භාවිතා කරන එහෙමත් නැත්නම් phone එකට install කරන් ඉන්න Multifunction app ( ex - pickme/ uber/ ) භාවිතා කරද්දීත් google maps ඕන වෙනවා. Google Play Services එක ඔබේ phone එකේ නැත්නම් මෙම apps වලට app එක තුළදීම google maps වල data භාවිතා කරන්න බැහැ. එහෙම වුණොත් ඔබේ ගමනාන්තය, මාර්ගය select කළ පසු එය භාවිතා කිරීමට අදාළ app එක minimise වී google maps කියන app එකට switch වෙන්න ඔබට සිදු වෙනවා. 


ඔබට Google Play සේවා අවශ්‍යද?

අද වන විට Google Play Services ගොඩක් apps වලට අන්තර්ග්‍රහණය කරලයි තියෙන්නේ. app එකකට මොකක් හරි google service එකක් භාවිතා කරන්න අවශ්‍ය නම් google play services සමඟ සන්නිවේදනය කරන්න වෙනවා. හැබැයි ඔබ google play services එක phone එකෙන් uninstall කළොත් අනිත් apps වල ක්‍රියාකාරීත්වය බිඳ වැටෙන්න පුළුවන්. සමහර වෙලාව ඒ විදිහට uninstall කරපු අයගේ youtube වැනි සමහර apps වැඩ කරන්නේ නැතුව යනවා.ඔබත් ඒක අත්විඳලා ඇති.  
ඒ නිසාම මේ වන විට Google ආයතනය විසින් google play services පහසුවෙන් uninstall කළ නොහැකි පරිදි ඔබේ smartphone එකේ android system එකට තදින්ම අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. පරණ android version වල සාමාන්‍ය app එකක් uninstall කරන්නාක් මෙන් google play services පවා uninstall කිරීමේ හැකියාව තිබුණා. හැබැයි අලුත් සංස්කරණ වල එලෙස app info වලට ගිහින් බැලුවොත් force stop, disable කියන option දෙකම grayed out වෙලා තියෙන්නේ. 


Google Play සේවා ඔබේ බැටරි ධාරිතාව අඩු කරනවාද? 

google play services මඟින් විශාල battery ප්‍රමාණයක් භාවිතා කරනවා නම් එයට හොඳම විසඳුම විදියට google play services ඉවත් කරන්න උත්සාහ කරනවාට වඩා, එලෙස අධික ලෙස google play services භාවිතා කරන apps මොනවාද කියලා බලලා ඉවත් කරන්න. ඒ වගේම phone එක සතියකට සැරයක්වත් clear කරන්න.