බාප්පාව කපා කොටා ඝාතනය කළ පුතාව අත්අඩංගුවට

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Jun 18, 2023 12:22 PM GMT
Report

පොලීසිය විසින්, කළුතර පළාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේදී මාර්ගයකදී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකුව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සදහන් කළේ අදාල සැකකරු මියගිය පුද්ගලයාගේ ඥාතී පුතෙකු බව  පවසයි.  ඔහුව ඊයේ (17) රාත්‍රී කළුතර, ගල්ලස්හේන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ ඝාතනයට ලක් වූ පුද්ගලයා හා ඔහු අතර වචන හුවමාරුවක් දුරදිග යාම නිසා එම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. 

පොලීසිය පැවසුවේ,  මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, පළාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටී සුජිත් ධර්මසේන නමැති 43 හැවිරිදි අවිවාහකයකු බවය.

මියගොස් ඇති තැනැත්තා නිවස ආසන්න මාර්ගයේ ඇවිදයමින් සිටියදී හිස සහ ගෙල ප්‍රදේශයට එල්ලවූ තියුණු ආයුධ පහරවල් කිහිපයකින් මාර්ගයේම ඇදවැටී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.