ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටි පාසල් සිසුවියක් ඇති වූ ගින්නකින් ජීවිතක්ෂයට පත් වූ ඛේදනීය පුවතක්..

Sri Lanka Police
By krishani May 03, 2022 04:13 AM GMT
Report

ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටියදී එම ලාම්පුව පෙරළී ඇති වූ ගින්නකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(02) සවස යාපනය, සන්ඩිලිපායි ප්‍රදේශයේදී අදාළ අනතුර සිදුව ඇති බවත් මනිප්පායි පොලීසිය පැවසූවේ, විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක මියගිය දැරිය ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිට ඇති බවය.

එම අවස්ථාවේ දී ලාම්පුව පෙරළී ගොස් කාමරය තුළ ඇති වූ ගින්නට හසුවීමෙන් දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යාපනය, සන්ඩිලිපායි ප්‍රදේශයේ පදිංචි සුදර්ශනි සදුර්ශිකා නමැති 16 හැවිරිදි දැරියකි.

පොලීසිය සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ, පියා විසින් ගෙනැවිත් නිවසේ තබා තිබූ පෙට්‍රල් බෝතලයකට ගිනි ඇවිලීමෙන් ඇති වූ ගින්නෙන් දැරිය පිළිස්සී මියගොස් ඇති බවය.

මියගිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යාපනය, සංගානෙයි රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join