උපකුළපති හිමි ගෙන් උපාධිය නොගත් තරුණියගේ ප්‍රේම කතාව අවසන් වෙයි?..පෙම්වතා දැමූ FB සටහනෙන් සියල්ල හෙළි වෙයි.(PHOTOS)

Muruththettuwe ananda himi Gayathri nawarathne Maheel bandara
By Aruna Feb 13, 2022 11:49 PM GMT
Report

“මේක දාන්නෙත් තැන් තැන්වල හොයන උන්ට එකපාරම දැනගන්න.” “දැන් කාලය ඇවිත්.

අපිට අපේ ගමන වෙන වෙනම යන්න.” පසුගිය දිනෙක පැවැත්වුණු, කොළඹ විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙතින් උපාධි මංජුසාව නොගෙන විරෝධය පෑ තරුණියව ඔබට මතක ඇති.

මෙසේ කුලපති හිමිට විරෝධය පෑ තරුණිය, ගයත්‍රි නවරත්න බවත්, ඇය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන මහීල් බණ්ඩාරගේ පෙම්වතිය බවත් පසුව අනාවරණය වුණා.

කෙසේ වෙතත්, මීට මොහොතකට පෙර මහීල් බණ්ඩාර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, තමන් පෙම්වතියගෙන් වෙන්වීමට තීරණය කළ බවයි.

ඒ සම්පූර්ණ සටහන පහතින් බලන්න....

ආදරය වෙනුවෙන් වෙන් වෙමු ආදරය කියන්නෙ තමන්ගෙ කර  ගන්න එක නෙවෙයි.

තමන් ආස ජීවිතය තමන්ට ඕනි විදියට ගත කරන එක.

ඒක තමන්ට වගේම තමන් එක්ක ආදරේ කරන සහකරුවාටද තියෙන අයිතියක්.

නමුත් ශ්‍රී ලංකාව කියන්නෙ මහ අරුම පුදුම රටක්. ආදරේ කලත් ඒකට පුද්ගලිකත්වයක් නෑ.

මොකද පරම්පරාවන් පොදි ගහගත්ත පවුල් පිටින් තමා ආදරය කසාදයක් වෙන්නෙ.

මායි ගයියයි දෙන්නම අවුරුදු 2කට ආසන්න කාලයක් එකට ආදරය කලා. ජීවිතය බෙදා ගත්තා. අමාරුකම් විද දරා ගත්තා.

ඒත් දැන් කාලය ඇවිත්. අපිට අපේ ගමන වෙන වෙනම යන්න. දෙන්නා ලෝකය දකින්නෙ දෙවිදියකට.

යන්නෙ පාරවල් දෙකක. ඉතින් එකට යන්න බැරි ගමනක්. ඒ වගේම පුරුෂ මූලික සමාජයක Gayathri Nawarathne වගේ රැඩිකල් ස්ත්‍රීයක් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීක කුස්සි අම්මෙක් වෙනවාට වඩා මන් කැමති ඇය පාර්ලිමේන්තු ගොස් මේ රට වෙනස් කරනවා දකින්න.

අදින් පසු ජීවන සහකරු නොවූවත් හොදම යාලුවෙක් විදියට උබට මන් හයියට ඉන්නම්.

මේක දාන්නෙත් තැන් තැන්වල හොයන උන්ට එකපාරම දැනගන්න. Best of Luck මහීල්......


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery