මම ගෙදර උයන්නෑ ගයාන් තමයි උයන්නේ මම හැදුවොත් හදන්නේ ජූස් එකක් සැන්විච් එකක් (PHOTOS)

By Sithumi May 03, 2022 05:03 PM GMT
Report

චතුරිකා පිරිස් කියන්නේ කලකට ඉහත දී ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආකර්ෂණීයම රංගන ශිල්පිනියක් බවට පත් වෙච්ච කෙනෙක්.

ඇය අදටත් බොහෝ දෙනෙක්ගේ හදවතේ ලැගුම් ගත්තු රංගන ශිල්පිනියක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වන විට ඉස්සර තරම් කාර්යබහුල ජීවිතයක් ඇය ගත නොකළත් විවිධ අංශ වලින් විවිධ දේ නිරූපණය කරන්න චතුරිකාට අවස්ථාව හිමිවෙලා. ඒ අතරින් කලකදී ඇගෙන් ගිලිහෙන නිවේදන වෘත්තිය ඇයට නැවත වතාවක් ලැබෙනවා. 

ඇය දැන් රූපවාහිනී තිරය තුළ නිවේදිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයන් හමුවට එනවා. කලකදී ඇයට නැතිවුණු නිවේදිකා සිහිනය කියලා කිව්වෙ ඇයට එක්තරා අවස්ථාවකදී රංගනය සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තෝරගන්න එනවා. ඒ අවස්ථා දෙකෙන් ඇය තෝරාගන්නේ රංගනයයි.

එදා නිවේදනය ඒ විදිහට මඟ හැරුණත් ඇයට හැකියාව ලැබෙනවා අද වන විට වැඩසටහන් මෙහෙයවන නිවේදිකාවක් විදිහට පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන්න. ඉතින් කොයි කවුරුත් දන්නවා චතුරිකා මේ වෙද්දී විවාහ වෙලා ඉන්නේ ගයාන් වික්‍රමතිලක කියන ආදරණීය සොඳුරු රංගන ශිල්පියා සමග කියන්න.ඔවුන් දෙදෙනා ගත කරන්නේ හරිම සුන්දර ජීවිතයක්. දැන් නම් මේ දෙන්නා විතරක් නෙවෙයි ඒ දෙන්නාගෙ ජීවිතයට ඒ ජීවිතය ලස්සන කරන්න හැඩ කරන්න ආදරණිය දියණියකුත් එකතු වුණා. මේ දියණියට චතුරිකා සහ ගයාන් පණ ඇරලා ආදරෙයි. ඒ වගේම තමයි ඇය සඳහන් කරන ආකාරයට ගෙදර ඉන්නවනම් දරුවත් එක්ක කාලෙ ගත කරද්දි දවස යනවා තේරෙන්නෙ නැහැයිලු. ඒ වගේම තමයි ගයාන් දියණියව ඇස් දෙක වගේ බලාගන්නවා කියලත් ඇය බොහෝ අවස්ථාවන්වල දී සඳහන් කරනවා. ඉතින් පහුගිය දවසක චතුරිකා පිරිස් ගතකරන මේ සැහැල්ලු ජීවිතේ පිළිබඳව ඇය යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකදී අදහස් හුවමාරු කරගත්තා.

එහිදී ඇය සඳහන් කරපු විශේෂිතම කරුණ තමයි ගෙදර දොර වැඩකටයුතු වලට ගයාන්ගෙන් ලැබෙන සහයෝගය ගැන. ඇත්තටම සරලව කිව්වොත් ඒ ගෙදර සම්පූර්ණයෙන්ම ඉවුම් පිහුම් වැඩ කටයුතු කරන්නේ ගයාන්ලු. ඇය ඒ පිළිබඳව අදහස් දැක්වෙන්නේ විදියටයි. ” මම කන්ඩ ඕන වුණොත් මොනව හරි තියෙන දෙයක් කාලා ඉන්නවා කවදාවත් උයන්න උනන්දු වෙන්නේ නැහැ. ගයාන්ට රසට කෑම උයන්න පුළුවන්.

මම කොහොමත් උයන්නේ නැහැ. මම හැදුවොත් හදන්නේ සැන්විච් එකක් ජූස් එකක් වගේ ඒවා. ගයාන්ට රසට උයන්න පුළුවන්. හැබැයි ඉතින් එයාට උයද්දී මාව අවශ්‍යයි.හේතුව ඉව්වා ට පස්සේ අස් කරන්න. කිව්වට පස්සේ මම හොඳට අස් කරනවා. උයන යන එක ඇර ගෘහණියක් විදිහට අනිත් සියලුම දේවල් මගේ අතින් වෙනවා” ඉතින් චතුරිකා ගතකරන සුන්දර ජීවිතය රසමුසු තැන් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේ ඒ විදියටයි. ඉතින් ඒ ආකාරයෙන් සාර්ථකව ජීවිතය ගත කරන්නට ඔවුන්ට තවතවත් හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

GalleryGalleryGalleryGalleryGallery