කුකුළු ගොවිපලක ගින්නක්..හේතුව අලුත්ම ප‍්‍රමිතියේ සිලින්ඩරයක්..

Hatton Accident Gas fire Kukul firm
By Aruna Dec 29, 2021 03:12 AM GMT
Report

නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය නාගස්තැන්න වත්තේ පවත්වාගෙන යන කුකුල් ගොවිපලක අලුතින් ගෙනා කුකුල් පැටවුන්ගේ ශරිර උෂ්ණත්වය පවත්වාගෙන යාම සදහා කුකුල් කුඩුවේ සවි කර තිබු ගැස් වලින් ක්‍රියා කරන හිටරයට සම්බන්ද කර ඇති ගැස් නලය පුපුරා යාමෙන් එම ගොවිපල තුල ගින්නක් හටගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

කුකුල් ගොවිපලේ අයිතිකරු විසින් (27) දන රාත්‍රි 07 පමණ කුකුල් කුඩුවට අලුතින් කුකුල් පැටවුන් 400 දෙනෙකු කුකුල් කුඩුවට දමා එම කුකුල් පැටවුනගේ ශරිර උෂ්ණත්වය පවත්වාගෙන යාම සදහා එම කුකුල් කුඩුවේ සවි කර තිබු ගැස් වලින් ක්‍රියා කරන හිටරයක් ක්‍රියාත්මක කර තිබියදි එම හිටරයට සම්බන්දකර තිබු ගැස් නලය රාත්‍රි 10 පමණ පුපුරා ගින්නක් හටගෙන ඇත.

විනාඩි 30 පමණ කාලයක් හටගත් ගින්නෙන් කුකුල් ගොවිපලේ අලුතින් දැමු කුකුල් පැටවුන් කිහිපදෙනෙකු මියගොස් තවත් කුකුල් පැටවුන් කිහිප දෙනෙකු බරපතල ලෙස පිලිස්සි ඇති බවයි එම ගොවිපලේ අයිතිකරු කියා සිටියේ.

නාවලපිටිය නගරයේ ලිට්‍රෝ ගැස් අලවි නියොජිත වරයෙකුගෙන් ගත් බවත් ,එම ගැස් සිලින්ඩරයේ රතුපාට ලේබලයෙන් මුද්‍රා තබා තිබු බවයි ගොවිපල බාර අයිතිකරු කියා සිටියේ.

ගැස් හිටරයට සම්බන්ද කර තිබු නලය පුපුරා ගිනිගන්නා අයුරු එම ගොවපලේ සවිකර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now