ගෑස් පිපිරීමකින් කතක් 99න් බේරුණු හැටි..එහි CCTV දර්ශන මෙන්න.(CCTV VIDEO)

Accident Sri Lanka Litro gas Gas blast Kanthale ganthalawe
By Aruna Dec 20, 2021 07:35 AM GMT
Report

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගිනි ගැනීම් සිදුවීම් වාර්තා වී තිබුණි.

කන්තලේ ගංතලාව ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප පුපුරායෑමේ සිදුවීමක් ඊයේ (19) පස්වරුවේ වාර්තා වුණි.

එම සිදුවන අයුරු නිවසෙහි සවිකර තිබු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

අද (20) පෙරවරු 06න් අවසන් වූ පැය 24ක කාලය තුළ එවැනි සිද්ධීන් 21 ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව මෙම මාසයේ ගතවූ දින 19 තුළ ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගිනි ගැනීම් සිද්ධීන් 739ක් වාර්තා වී තිබේ.

මේ අතර, බදුල්ල උඩුපුස්සැල්ලාව අලුත් කොළණිය ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ඊයේ පුපුරා ගොස් තිබූ අතර ඊට සම්බන්ධ කර තිබී ඇත්තේ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයකි.

ගාල්ල යක්කලමුල්ල කොට්ටවගම ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය සහිත ලිප පුපුරා ගොස් එහි උපාංගවලටද හානි වී තිබේ.

එමෙන්ම ලිට්‍රෝ සමාගම විසින් මෙරටට ආනයනය කළ නෞකා දෙකට මෙතෙක් නිසි අවසරය හිමිව නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම නෞකා මේ වන විට තල්දියවත්ත මුහුදු ප්‍රදේශයේ නැංගුරම්ලා ඇති අතර ඒවායෙහි ගෑස් ගොඩබෑම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය තවමත් ලැබී නොමැති බව එම සමාගම සඳහන් කරයි.

පසුගියදා ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කළ එක් නෞකාවකට අවසර හිමිවූ අතර ඒ අනුව එහි ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කෙරුණි.

කෙසේවෙතත් තවත් ගෑස් නෞකා දෙකක් ගෑස් ගොඩබෑම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මෙතෙක් නිසි අවසරය ලබා දී නොමැත.

මේ අතර අද (20) සිට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් විසින් අභියාචනාධිකරණයෙන් ලබාදුන් උපදෙස් පරිදි ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අද පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now