ගෑස් කාන්දුවකින් සිරුරට ගිනි ඇවිලී කාන්තාවක් රෝහලට
Sri Lanka
Colombo National Hospital
Accident
By Sewvandhi
තුවාල ලද කාන්තාව පෙරේදා රාත්‍රී කෑම පිසීම සඳහා ගෑස් ළිප දල්වන අවස්ථාවේදී ඇඟට ගිනි ඇවිලීමෙන් තුවාල ලබා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
මීට දින කිහිපයකට ඉහත දී ගෑස් ලිපේ ගෑස් කාන්දුවක් තිබී ඇතැයි පොලීසිය පවසයි. ඒ බව නිවැසියන් ද දැනුවත් සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.
ළිප පුපුරායාමෙන් හෝ සිලින්ඩරය පුපුරායාමෙන් එම අනතුර සිදුවී නොමැති අතර, බටයෙන් ගෑස් කාන්දුවීම හේතුවෙන් අනතුර සිදුවී ඇත.
තුවාල ලද කාන්තාව කොළඹ ජාතික රෝහලේ අංක 73 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. අගලවත්ත පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |