බෑග් හොරා අල්ලන්න ගිහින් අවාසනාවන්ත ලෙස පිහි පහරින් මියගිය තරුණයා

Sri Lanka Police Gampaha Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 21, 2022 03:49 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ගම්පහ පහළගම මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ බෑගය සහ රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ, කොල්ලකරුවකුගේ පිහි පාරට ලක්වූ 29 හැවිරිදි තරුණ විවාහකයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ, පහළගම ෙපදිංචිව සිටි රසික විනෝද් නමැති විවාහක තැනැත්තෙකු බව පොලීසිය සඳහන් කරයි.‍ෙ

යතුරු පැදියකින් පැමිණි යුවළක් මහමග ගමන් ගත් මියගිය පුද්ගලයාගේ බිරිය සහ තවත් යෙහෙළික මාර්ගයේ ගමන් ගනින්දී යතුරු පැදියකින් ආ යුවළක් බිරියගේ යෙහෙළිය අත වූ බෑගය සහ ඇගේ රන් මාලය කොල්ල කෑමට උත්සහ කර ඇත. ඒ අවස්ථාවේ ඔවුන්ගේ කෑගැසීම ඇසී මරණ කරු ඇළු පිරිසක් කොල්ලකරුවන් පසු පස හඹා යද්දී කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය පෙරලී ඇත.

ඒ අවස්ථාවේ ඔවුන් අල්ලා ගැනීමට යාමේදී කොල්ලකරුගේ පිහි ප්‍රහාරයට ලක් ව රෝහල් ගත කිරීමට යාන අතර තුර ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ සැකකරු සහ සැකකාරිය පොලීසිය හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now