මෙරට සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 13 දෙනෙකු රෝහල්ගත කෙරේ..! වාහන හතක් එකිනෙක ගැටේ..
ඊයෙ (22) රාත්‍රී 11ට පමණ ගම්පහ, බැලුම්මහර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.
බැලුම්මහර මංසන්ධියේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ආලෝක සංඥා අසල කන්ටේනර් රථයක් නතරකර තිබී ඇති අතර පෞද්ගලික බස් රථයක් පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙසේ නවතා තැබූ කන්ටේනර් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
මෙලෙස අනතුරට ලක් වූ බස් රථය, ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ එකකි.
එම අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
යක්කල පොලීසිය සඳහන් කළේ ,ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය.
මෙම අනතුර සමග බස් රථය පිටුපසින් හා බහාලුම් රථයට ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ තවත් වාහන 07ක් ද එකිනෙක ගැටී තිබේ.
සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ යක්කල පොලීසියේ රථවාහන අංශය මගින් සිදු කරයි.