පෙම් සබඳතාවක් නිසා දහම් පාසල තුළදී සිසුවියකට පිහියෙන් අනී..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Apr 02, 2023 01:31 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද දින(2) දහම් පාසලක් තුළ සිදුවූ පිහි ඇනුමක් පිළිබඳ පුවතක් ගල්ඔය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එනම්, ගල්ඔය පොලිස්බල ප්‍රදේශයට අයත් විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇත.

අද (02) උදෑසන 7.45 පමණ විහාර භූමියට ඇතුළු වුණු පුද්ගලයෙකු විසින් ඉමාෂා නම් සිසුවියට තියුණු ආයුධයකින් ඇන පළාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ඔය පොලීසියට ලැබුණු තොරතුරක් මත ප්‍රහාරය එල්ල කළ ආයුධයත් සමග සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

මේ වනවිට සිසුවිය කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. සැකකරුගෙන් පොලීසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ලෙසට ඇයට පැවසුවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම අනතුර සිදුකළ බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now