ගෝඨා ගෝ ගමට කඩා පැන්න විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර - නවතම තත්ත්වය මෙන්න..(LIVE VIDEO)
By Sewvandhi
අගමැතිවරයාට සහාය දැක්වීමට ආ පිරිසක් මේ වනවිට ගාලු මුවදොරට ඇතුළුවී තිබේ.මේ වන විට එම පිරිසට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
ඒ අනුව ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිස සමග මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
අරගලයේ යෙදී සිටින පිරිස් මිනිස් වැටක් යොදාගනිමින් ඔවුන්ට විරෝධය දැක්වීමට කටයුතු කර තිබුණි
. අගමැතිවරයාට සහාය දැක්වීමට ආ පිරිසක් ගාලු මුවදොරට ඇතුළුවීම වැළැක්වීමට පොලීසිය අවහිර කර තිබුණත් පොලිස් බාධක බිඳගෙන ඔවුන් ගමන් කර තිබුණි.