"මගෙ ළමයිට කන්නත් නෑ.. මට අංශභාගෙ හැදිලා ඉද්දී තවත් අසරණ උනා.." - ගිනි තියලා බේරේ වැවට දැම්ම බස් රථයේ හිමිකරු කඳුළු සළමින් මාධ්‍යයට හෙළි කළ සත්‍ය කතාව.. (VIDEO)

Go Home Gota Gota Go Home 2022 SL Protest Gota Go Gama
By krishani May 20, 2022 01:10 AM GMT
Report

9 වනදා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට පැමිණි ගිනි තබා බේරේ වැවට දැමූ බස් රථයේ හිමිකරු ඊයේ(19) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළහ.

එම බස් රථයේ හිමිකරු වන W.A රත්නසිරි මහතා කියා සිටියේ තම බස් රථය කැස්බෑව පිටකොටුව (120) මාර්ගයේ ධාවනය වන එකක් වන අතර එය රුපියල් 15000ක කුලී පදනමක් මත මෙලෙස ලබා දී තිබු බවයි.

කෙසේවෙතත් මේ සිද්ධිය හමුවේ බස් හිමිකරුවෙකු වුව ද තමා අංශභාග රෝගියෙකු බවත් තමා සතුව තිබූ එකම බස් රථය ගිනි තබා විනාශ කිරීම නිසා මේවන විට තමන්ට කිසිදු ආදායමක් නොමැති අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කිරීමට පවා මුදල් නොමැති බවයි ඔහු පවසන්නේ.

තමන්ට තිබූ එකම ආදායම් මාර්ගය මේවන විට අහිමි වී ඇති බැවින් තමන්ට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join