බේරේ වැවට බැස්ස අය අතර මන්ත්‍රීවරුන් තිදෙනෙකුත් ඔවුන්ට සිදු වූ දේ
පසුගිය 9 වනදා ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමට පැමිණි බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් නැවත නිවසට ගොස් ඇත්තේ දින 3කට පමණ පසුව බව හෙළිවී තිබේ. ඒ ආරක්ෂක පියවරක් වශයෙනි.
අරගලකරුවන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ බේරේ වැවේ දියනෑමට සිදුව ඇති අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනා එලෙස ආරක්ෂක පියවරක් ලෙස දින 3කට පසුව අවමංගල්‍ය රථයක් සූදානම් කරගෙන නිවසට ගොස් තිබේ.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ ඔවුන් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරුන් බවය. අදාළ මන්ත්‍රීවරුන් තිදෙනා ඇතුළු සිව්දෙනෙක් එලෙස 9 වනදා අරගලකරුවන්ට හසුවී තිබූ අතර එහිදී ඔවුන්ට දැඩිලෙස පහරදී බේරේ වැවට දමා තිබුණි. පසුව ඔවුන් අසල ස්ථානයක සැඟව සිට දින 3කට පසු එලෙස නිවෙස් බලා ගොස් ඇත.
මල්ශාලාවක් පවත්වාගෙන යන හිතවතෙකු දුරකථනයෙන් අමතා ඔහුන් අදාළ රථය සූදානම් කරගෙන තිබේ. ඒ අනුව ඔහුන් සිව්දෙනා අවමංග්‍ය රථයේ වැතිරී එලෙස නිවෙස් බලාගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.
සවස් කාලයේදී අවමංග්‍ය රථයක් හදීසියේම නිවසට පැමිණීමෙන් නිවැසියන් ද කලබලයට පත්වී ඇති බවද වාර්තා විය. අවමංගල්‍ය රථයක් පැමිණීම ගැන අසල්වැසියන් ද විපරම්කර බැලීමේදී සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |