ගාල්ලම බිය වද්දා දෙදෙනෙකුට මරු කැඳවූ, බිහිසුණු දුම්රිය අනතුරේ සීසීටීවී දර්ශන..(CCTV VIDEO)

Galle Sri Lanka Accident
By Sewvandhi Dec 01, 2022 08:05 AM GMT
Report

 ගාල්ල උනවටුන දළවැල්ල ප්‍රදේශයේ දී අද පෙරවරුවේ දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටීමෙන්  කාන්තාවකට හා පුරුෂයෙකුට දිවි අහිමි වුණා. මියගිය කාන්තාව රුසියානු කාන්තාවක් බවයි අනාවරණය වී තිබෙන්නේ. එමෙන්ම ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ  පදිංචි 62 හැවිරිදි රියදුරු ද මෙම අනතුරෙන් අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා.

  උණවටුන, දළවැල්ල අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි. පොලීසිය පැවසුවේ අද පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුවූ බවය.

දුම්රියේ ගැටීමත් සමඟ ත්‍රිරෝද රථය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ගොස් තිබේ. හබරාදුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. මෙම බිහිසුණු අනතුර එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක පටිගතව තිබුණේ මෙලෙසයිි.

(වීඩියෝ - අද දෙරණ)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now