මෙරට ඉන්ධන සැපයීම ගැන භයානක ආරංචියක්..සිදුවූ දේ මෙන්න.

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka
By Aruna May 09, 2022 11:01 PM GMT
Report

මේ වන විට පෙට්‍රල් හා ඩීසල් හිඟය උග්‍රව තිබෙන බැවින් දෛනික ඉන්ධන සැපයුම සියයට පනහකින්ම කපා හැර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

ඒ නිසා රටපුරා පිහිටි ඉන්ධනහල්වල සියයට පනහක් පමණ ඉන්ධන අවසන් වී තිබෙන බවට නැඟෙන චෝදනාව බැහැර කළ නොහැකි බවද තෙල් සැපයීම් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මෙරට පාරිභෝජනය සඳහා දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000 ක් පමණ බෙදාහැරියත් මේ වන විට බෙදාහරිනු ලබන්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2500 ක පමණ ප්‍රමාණයකි.

මෙරට දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6000 කට වැඩිය.

නමුත් මේ වන විට දෛනිකව වෙළෙඳ පොළට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 3000 ක පමණ ප්‍රමාණයකි.

ඉකුත් මස 28 වැනිදා කොළඹ වරායට පැමිණ තිබෙන මෙට්‍රික් ටොන් 37,500 කින් යුත් පෙට්‍රල් නෞකාව තවමත් ගොඩබා ගැනීමට නොහැකිවීම නිසා පෙට්‍රල් හිඟය මතුව ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 25,000 ක් පමණ තිබුණත් ඔක්ටේන් 95 පෙට්‍රල් කඳුලක්වත් සංස්ථාව සතුව නැතැයි හෙතෙම සඳහන් කළේය.

දැනට රට තුළ පවතින ඉන්ධන අවශ්‍යතාව හා සංචිත පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබේ.

විදුලි බලාගාරවලට ඩීසල් ලබාදීමට සිදුවී තිබීම නිසා ප්‍රවාහන කටයුතු සඳහා දිනකට නිකුත් කරන්නේ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් පමණකැයි එහි සඳහන් වේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමද සීමාකර තිබෙන අතර ඒ අනුව දිනකට මෙට්‍රික් ටොන් 2500 ක් පමණක් පිරවුම්හල්වලට යවන බවද ඇමැතිවරයා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now