ඉන්ධන සම්බන්ධව බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Fuel Price In Sri Lanka Sri Lanka Politician Sri Lanka Economic Crisis Sri Lanka Kanchana Wijesekera
By krishani May 02, 2022 04:44 AM GMT
Report

දුම්රිය, කුලී පදනම මත ලබාගත් පෞද්ගලික ඉන්ධන බවුසර සහ රජය සතු බවුසර් උපරිමයෙන් යොදාගනිමින් ඉන්ධන තොග මේ වනවිට බෙදාහරිමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

මෙලෙස ක්‍රියාත්මක ඉන්ධන ප්‍රවාහන කටයුතුවලට බාධා කිරීම් දක්නට ලැබෙන බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ග්‍රාමීය ප්‍රදේශවලට දුම්රියෙන් මේ වනවිට ප්‍රවාහනය කරන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීමටත් ඩිපෝ සඳහා අවශ්‍ය ඉන්ධන දුම්රියෙන් පමණක් ප්‍රවාහනය කිරීමටයි බලශක්ති අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබුණේ.

එමෙන්ම එම කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙ යෑම සඳහා නව උපදේශන මාලාවක්ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ(01) නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති අතර, ඉන්ධන ලබාගැනීම සඳහා තවදුරටත් දිගු පෝලිම්ද දක්නට ලැබෙයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join