ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් දැනුම් දීමක්.
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සදහා අද පැමිණෙන ලෙස සියලු ටැංකි රථවලට දැනුම් දී ඇතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
වර්ජනය අවසන් කිරීමත් සමග ඉන්ධන තොග බෙදා හැරීම සදහා ඊයේ රාත්‍රියේ සිට ම කටයුතු කළ බවයි එම සංගමය කියා සිටියේ.
ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත ව පවතින තදබදය තවත් දින දෙකක් යනවිට අඩු වී යනු ඇති බව ද එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සදහන් කළා.
මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ, තවත් දින 3ක් ඇතුළත තත්ත්වය සාමාන්‍ය අතට පත් කිරීමට හැකි වනු ඇති බවයි.
එසේම ඉදිරි දින කිහිපයේ මිල සංශෝධනයක් ගැන කලබල විය යුතු නො වන බව ද ඔහු අවධාරණය කළා.
ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය වැඩි වශයෙන් යොදා ගැනීමට අදාළ ව දුම්රිය දෙපාර්තමේන්තුව සමග අද පෙරවරුවේ සාකච්ඡා කරන බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියා.
මේ අතර, රාමසාන් දිනය යෙදෙන අද විදුලිය විසන්ධි කිරීමක් සිදු නො වන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සදහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |