විශේෂ පිරිසකට ලංගමෙන් ඉන්ධන..
Sri Lanka
By krishani
හෙටින් ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කාර්ය මණ්ඩලයේ පෞද්ගලික වාහන සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මඟින් ඩීසල් නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.
ඒ අනුව අද(22) දිනය තුළ ඕනෑම අවස්ථාවක එම කාර්ය මණ්ඩල සඳහා ලංගම ඩිපෝ මඟින් ඩීසල් ලබා ගත හැකිය.
මේ පිළිබඳව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා දැනුවත් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |