නීති කැඩුවොත් සිදු වන්නේ මෙයයි - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.. (PHOTOS)

Sri Lanka
By krishani May 20, 2022 01:42 AM GMT
Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නීති රීති හා උපදෙස්වලට පටහැනිව කටයුතු කර ඇති ඉන්ධනහල් වෙත සිදු කරන ඉන්ධන සැපයුම අත්හිටුවීමට එම සංස්ථාව තීරණය කර ඇත.

අදාළ උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරන ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර එහිදි සිදු කළ පරීක්ෂණවලට අනුවයි මෙලෙස පිරවුම්හල් කිහිපයකට ඉන්ධන සැපයුම නතර කර තිබෙන්නේ.

මාකොළ දකුණ, නාල්ල, කැළණිය - පෙතියාගොඩ සහ මිරිගම පිරවුම්හල් වෙත මෙලෙස ඉන්ධන සැපයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery