පෙට්‍රල් සදහා පෝලිම් වලට එන්න එපා..! සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්..!

Nivetha Pethuraj Fuel Price In Sri Lanka
By Sithumi May 17, 2022 03:32 PM GMT
Report

හෙට (18) දිනයේ පෙට්‍රල් සැපයීම සීමාකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම්දෙයි. ඔහුන් පෙන්වා දෙන්නේ තොග සීමිත බැවිත් එම තීරණය ගත් බවය. 

 ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට හෙට දිනයේ පෙට්‍රල් ලබාගැනීමට ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳීනොසිටින ලෙස ජනතාවට දැනුම්දී තිබේ.

කෙසේවෙතත් 19 වන බ්‍රහස්පතින්දා පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් දැනුම්දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now