".පුළුවන්නම් කරල පෙන්වන්න - ඇමතිගේ තර්ජන වලට අපි බය නෑ.."

Fuel Price In Sri Lanka Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Sri Lanka SL Protest
By Sewvandhi May 01, 2022 09:58 AM GMT
Report

පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන ලෙස අභියෝග කරන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය බලශක්ති අමාත්‍යවරයාගේ තර්ජනවලට බිය නොවන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (1) පැවසීය.

නව බලපත්‍ර ලබාදෙන්නේ යැයි කියන සුරංගනා කථාවලට ටැංකි රථ හිමියන් බිය නොවන බවත් නව බලපත්‍රයක් ගෙන ටැංකි රථයක් ධාවනයට එක්කිරීමට අඩුම තරමින් මාස හයක්වත් ගතවන බවත් ශාන්ත සිල්වා මහතා කීය.

ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ඇමතිවරයාව නොමඟ යවලා තිබීම නිසා එතුමා ගැන කණගාටු වන බව කී ශාන්ත සිල්වා මහතා ටැංකි රථ හිමියන් සියලු දෙනා බපත්‍රය විකුණා මුදල් බැංකුවේ තැම්පත් කර ජීවත්වීමට සූදානම් බව ද සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩීමත් සමඟ ඉන්ධන ටැංකි රථ ගාස්තු වැඩි කිරීමේ මිල සූත්‍රයට අනුව කටයුතු කළේ නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් ආණ්ඩුව මර්දනය තෝරාගන්නේ ටැංකි රථ හිමියන් 6 වැනිදා පවත්වන දැවැන්ත වර්ජනයට එකතු වන බවත් ශාන්ත සිල්වා මහතා වැඩි දුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now