පෙර පාසල් ගුරුවරියක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Apr 07, 2023 08:04 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලිසිය ප්‍රකාශ කළේ, සිය පෙරපාසල වෙත ගමන්කරමින් සිටි තරුණ පෙරපාසල් ගුරුවරියක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පේරාදෙණිය, කොබ්බෑකඩුව, ගිනිහේන ප්‍රදේශයේ මාර්ගයකදී එම 25 හැවිරිදි ගුරුවරිය ඝාතනය කර ඇති බවය.

අංජලී චාපා නමැති එම ගුරුවරිය මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි. වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ ඇය එම පෙරපාසලේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක් වෙත සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවය. 

  මෘත ශරීරය ඉලුක්තැන්න රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now