වෙඩි තබා සිදු කළ රන් කොල්ලයට කතුන් හතරක් කොටුවෙයි..ගහපු සුපිරිම ගේම මාට්ටුයි.

Police Sri Lanka Borelle
By Aruna Dec 21, 2021 03:19 AM GMT
Report

බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකට ඇතුළු වී වෙඩි තබා සේවකයන් බියකර රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනාට ආධාර සහ අනුබල දීමේ චෝදනාවට කාන්තාවෝ සිව් දෙනෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවෝය.

මෙම රන් ආභරණ කොල්ල කළ සැකකරුවන් දෙදෙනා මේ වන විටත් හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් මිනීමැරුමක සහ මංකොල්ලකෑම් දහයකට ආසන්න සංඛ්‍යාවක ප්‍රධාන සැකකරුවන් බවත් පොලිසිය කියයි.

මෙම සැකකාරියන් සිව්දෙනා කඩුවෙල සහ බෝමිරිය යන ප්‍රදේශ වල පදිංචි කාරියක් බව කී පොලිසිය එම සිව්දෙනාගෙන් දෙදෙනෙකු පසුගිය දෙසැම්බර් මස පළවෙනිදා බොරැල්ලේ එම ස්වර්ණාභරණ අලෙවිසලට ගොස් මුදුවක් මිලදීගෙන එහි පරිසරය පිළිබඳව කොල්ලකරුවන්ට ඔත්තුව සපයා ඇති බවද පොලිසිය කියයි.

එම කාන්තාවන් කොල්ලය සිදුකළ පසුගිය 11 වැනිදා බොරැල්ල සහ මරදාන ප්‍රදේශවල මාර්ග වර්ණ සංඥා පිළිබඳව කොල්ලකරුවන්ට තොරතුරු ලබාදී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

කොල්ලකරුවන් දෙදෙනා කොල්ලය සදහා යොදාගත් ගිනිඅවිය අත්අඩංගුවට පත් කාන්තාවකගේ බෝමිරිය ප්‍රදේශයේ නිවසකින් ලබාගෙන ඇති බවත් සැකකාරියන් සිව්දෙනා දින හතක රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.

බොරැල්ල පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now