මොලය වර්ධනය විම සදහා ආහාරයට ගත යුතු ආහාර වර්ග ගැන ඔබ දැනුවත්ද..?

Ministry of Health Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jul 13, 2022 07:04 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අප ගන්නා සමහර කෑම වර්ග ගැනීම නිසා අපගේ මොලයේ වර්ධනය සිදුවන පව පැවසෙනවා. විශේෂයෙන්ම විවිධ කෑම වර්ග විභාග වලට මුහුණ දෙන දරුවන්ට වැඩි ලකුණු ලබාගන්න උදවු වෙන්නට ඇති අවස්ථා වැඩි බව මතයක් තිබෙනවා . ඔබ මේ බව විශ්වාස කළත් නැතත් එය අත්හදා බැලීමෙන් ඔබට පාඩුවක් වෙන්නේ නම් නැහැ. මවක් ගෘහනියක් වශයෙන් ආහාර සහ පෝෂණය මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන මේ කෑම වර්ග දරුවන් විභාග වලට මුහුණ දෙන කාලයට හුඟක් හොඳයි. මේ මොළය වඩන ආහාර වර්ග ඔබේ පවුලේ අයගේ සාමාන්‍ය ආහාර වේල් අතරට එක්කර බලන්න.

1. වට්ටක්කා

ඉතාමත් යෝග්‍ය ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු වේ. මෙහි අඩංගු යකඩ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරනු ලබන අතර මැග්නීසියම් මගින් මොළයට හානි කරන රෝග වලක්වා ගැනීමට ද හැකිවේ.  

2. කෙසෙල් ගෙඩි 

විටමින් B6, පොටෑසියම් සහ ෆෝලික් වලින් අනූන වන හෙයින් නව ප්‍රබෝදයක් ගෙක ඒමට ඉතාම සුදුසුයි වගේම මතකය ශක්තිය වර්ධනයටත් හොඳයි.

3.කොල පැහැති පලා වර්ග

කොළ පැහැති පලා වර්ග කෝප්පයක් (250ml) මගින් දිනකට අවශ්‍ය විටමින් k ප්‍රමාණය ලබා ගත හැකිය. ගෝවා කොළ, නිවිති, මුකුණුවැන්න, ගොටුකොල ආදි ඕනෑම කොළ පැහැති පළා වර්ගයක් ඔබට මේ සඳහා ගන්න පුළුවන්. හැමදාම මේ විදියට පලාවර්ග කෝප්පයක් ආහාරයට ගන්න පුළුවන් නම් ඔබටත් ලෙඩ රෝග නැතිව තරුනව ඉන්න පුලුවන් වගේම මෙය තමා හොදම මොලය වර්ධන ආහාර වන්නේ.

4. තක්කාලි

මෙහි අඩංගු Lycopene නැමැති විශේෂ ප්‍රතිඔක්සිකාරකය මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි.

5. හරිත තේ 

මෙහි තිබෙන Dopamine මතකය සහ අවධානය යෙමු කිරීමේ ශක්තිය වඩවයි.

6. තද පැහැති චොකලට්  

මෙය මොළේ ක්‍රියාකාරීත්වය වැඩි කරනු ලබන අතර මෙහි අඩංගු කැෆෙන් සහ ෆ්ලෙවනොයිට්ස් මතක ශක්තිය වැඩි කිරීමට ද උපකාරි වේ. තවද ප්‍රතිඔක්සිකාරක (antioxidants) බහුල ආහාරයක්. එමඟින් රුධිර වහනය උත්තේජනය කර ධාරණ ශක්තිය වර්ධනය කරවයි.

7. අලිගැට පේර

මෙහි අඩංගු යහපත් මේද අවධාණය යාමු කරීමට ඇති හැකියාව වඩයි.

8. බිත්තර

Coline සහ ප්‍රෝටීන් අඩංගු හෙයින් ධාරණ ශක්තිය වර්ධනයට මෙන්ම මතක ශක්තිය වර්ධනයටත් ඉවහල්වේ.

9. ලුණුවිල

මෙය ලවණ ගතිය ඉහල ආහාර සංයෝගයක් වන අතර මෙම ආහාර මගින් මානසික ආතතිය පාලනය කර ශක්තිය ද වර්ධනය කරනු ලබයි. මතක ශක්තිය වර්ධනයට පමණක් නොව රුධිර වර්ධනයටමෙන්ම රුධිරයේ විෂ ඉවත් කරනු ලබන ශරීරයට ඉතාමත් යෝග්‍ය ආහාර සංයෝගයකි.

10. කහ

මෙමගින් මානසික ආතතිය පාලනය කර මොළේ සෛල වර්ධනයට මෙන්ම මතක ශක්තිය වර්ධනයට ද ඉතාමත් යෝග්‍ය වේ. මෙහි අඩංගු, කර්කමින් මගින් මොළේ සෛල වර්ධනයට සුවිශේෂී හැකියාවක් ද පවති.

11. ධාන්‍ය වර්ග

ඔමේගා 3 සහ 6, විටමින් A සහ E මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න වගේම mood fix කරන්නත් ඉතාම හොඳයි.

12. මුහුදු මාළු

වැදගත් ප්‍රෝටීන් ප්‍රභවයක් වන මුහුදු මාළු මොලය වර්ධන ප්‍රභල ආහාරයකි.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now