ප්‍රදේශ රැසක් සදහා ගංවතුර ඇතිවීමේ අනතුරු නිවේදන නිකුත් කෙරේ..! (VIDEO)

Sri Lanka TN Weather Landslide In Sri Lanka Weather
By Sewvandhi Oct 14, 2022 04:53 PM GMT
Report

ඉදිරි පැය 03 සිට පැය 48ක කාලය තුළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශයන්ට සුළු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (14) රාත්‍රී 8.00 නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්වෙයි.

ඒ අනුව, දෙහිඹ්විට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයයේ පහත්බිම් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම්දෙයි.

මේ අතර අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළයෑමේ අවදානම හේතුවෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට ද අනතුරු අඟවා තිබේ.

කළු ගඟ ආශ්‍රිතව ජල මට්ටම ඉහලයෑමේ අවදානම හේතුවෙන් පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද අනතුරු අඟවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

   

GalleryGalleryGallery