ඉදිරි පැය 24සදහා ගංවතුර අනතුරු ඇඟවීමේ හදිසි නිවේදනයක් නිකුත් කෙරේ - ප්‍රදේශ මෙන්න

Sri Lanka Weather Floods In Sri Lanka
By Sewvandhi Sep 05, 2022 10:59 AM GMT
Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පුර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදන සහ අනෙකුත් තොරතුරු අනුව අද (05) රාත්‍රීයේ සිට ඉදිරි පැය 24 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ද්‍රෝණි ජලයෙන් පිරි ඇති බැවින් එම ද්‍රෝණිවලින් එකක් හෝ කිහිපයකට දැඩි වර්ෂාපතන තත්ත්වයක් ඇති වුවහොත් එම ද්‍රෝණිවල ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවට එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery