මේ දවස් වල ඉන්න මැසි මදුරුවන්ගෙන් බේරෙන්න ලෙහෙසි දේශිය ක්රම ...
ගෙදර ඉන්න මැස්සන්ගෙ කරදරෙන් බේරෙන්න අනුගමනය කරන්න පුලුවන් සරල ක්රම කිහිපයක් මැස්සන් මේ දිනවල නිවෙස් ආක්රමණය කරන්නේ වේගයෙන්. ලෙඩ රෝග සීඝ්රයෙන් පැතිරීමට ගෙමැස්සන් හේතුවක්. මැස්සන් වේගයෙන් ප්රජනනය කරමින් ඉක්මනින් ගහනය වර්ධනය කර ගන්නා නිසා උන්ව මර්දනය කිරීම තරමක් අපහසුයි.
අවට පරිසරය පිරිසිදු නැති වුණාම වගේම, අව්ව වැස්ස කාලයටත් සීමාවක් නැතුව මැසි මදුරු කරදරය පැතිරෙනවා. මැසි මදුරු කරදරය සමාන්ය දෙයක් කියලා ඔයාට සමහර විට හිතෙන්න පුළුවන්. ඒත් ඔයා නිසි අවධානය මේ මැසි මදුරු කරදරයට යොමු නොකළොත් වසංගත රෝග, බෝවන රෝග වගේම විවිධ ආසාදන තත්ත්වයන් ඔයාව හොයාගෙන එන්න පටන් ගන්නවා සීමාවක් නැතුවම. අපි මේ කියන මැසි මදුරු කරදරය තියෙනවා නම් මේ කියන විසඳුම්වලින් එකක් හෝ කිහිපයක් භාවිත කරලා මැසි මදුරු කරදරයට සමු දෙන්න දැන් පුළුවන්.
මෙන්න ඒ දේශිය ක්රම කිහිපයක්..
- මදුරුතලා කොල පුලුස්සා දුම් ඇල්ලීම
- නිවස අවට මැස්සන් පලවා හරින පැල වැවීම
- සේර තෙල් හෝ කුරුදු තෙල් භාවිත කරන්න.
- විනාකිරි සහ සබන් තබන්න.
- නිවස පිරිසිදුව තබාගන්න
- කරාබු නැටි සහ දෙහි පොඩිකර තබන්න.
- කැප්පෙටියා කොල පුලුස්සා දුම් ඇල්ලීම.
- පැගිරි තෙල් ආලේප කිරීම.
- කොහොඹ තෙල් ආලේප කිරීම.
- කොහොඹ කොල හා ඇට පුළුස්සා දුම ඇල්ලීම.
- මීතෙල් පහනක් දැල්වීම.
- පොල් ලෙලි පුලුස්සා දුම් ඇල්ලීම.
- ගිනිසීරියා කොල පුලුස්සා දුම් ඇල්ලීම.
-
කජු ලෙලි පුලුස්සා දුම් ඇල්ලීම .
මෙම ක්රම මගින් ඔබට මැසි මදුරු උවදුර මග හරවා ගැනිමේ හැකියාවක් තිබු බව අතීතයේ සිට පැවත එන්නකි . ඉතින් ඔබද මෙම දේශිය ක්රම මගින් මැසි මදුරු උවදුර මග හරවා ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |