මාළු මිලෙහි සිදු වූ වෙනස..

Sri Lanka
By krishani Jan 13, 2023 08:11 AM GMT
krishani

krishani

in ආහාර
Report

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බව එම වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා කියා සිටියේ ය.

තලපත් කිලෝග්‍රෑමයක තොග මිල මෙම සතියේ දී රුපියල් 1400 දක්වා අඩු වී ඇත.

බලයන්, ලින්නන්, අලගොඩුවන්, ඉස්සන්, සාලයන් පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ දී රුපියල් 200 කින් පමණ මිල අඩු වී ඇත.

ඒ අනුව බලයන් කිලෝග්‍රෑමයක් රුපියල් 600 කටත්, ලින්නන් රුපියල් 750 කටත්, අලගොඩුවන් රුපියල් 600 කටත්, ඉස්සන් රුපියල් 1600 කටත්, සාලයන් රුපියල් 350 කටත් අලෙවි වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join