මෙරට ප්‍රධාන රෝහලක ගින්නක්.. රෝහල් උපකරණ රැසකට දැඩි හානි.

Accident Sri Lanka Kilinochchi Fire accident
By Aruna Jan 21, 2022 07:09 AM GMT
Report

කිලිනොච්චිය මහරෝහලේ ඊයේ (20) රාත්‍රියේ ඇති වූ හදීසි ගින්නක් හේතුවෙන් රෝහල් උපකරණ හා වෛද්‍ය උපකරණ රැසකට දැඩි හානි සිදුව ඇති බවට වාර්ථා වනවා.

මහරෝහලේ ගොඩනැගිල්ලක පළමුව ඊයේ රාත්‍රියේ එකවරම ගින්නක් ඇතිව පසුව එය ස්ථාන කිහිපයකට වේගයෙන් පැතිර යාමත් සමග ඒ පිළිබඳව රෝහල අධ්‍යක්ෂක මණඩලය විසින් වහාම ගිනිනිවන අංශයට හා යුදහමුදාවට දැනුම් දී තිබේ.

කඩිනමින් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුදහමුදා ගිනිනිවීමේ අංශ නිලධාරීන් විසින් කිලිනොච්චිය රෝහලට පැමිණ ගින්න නිවීම සඳහා දායක වූ අතර කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යලයට අයත් ගිනිනිවීමේ අංශ නිලධාරීන්ද පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු යොදනු ලැබීය.

රෝහලේ ගින්න ඇතිවන අවස්ථාවේදී රෝගීන් ආරක්ෂිත ස්ථාන වෙතට යොමු කිරීම හේතුවෙන් කිසිදු පුද්ගල හානියක් සිදුවී නොමැති වුවත්, ගින්න හේතුවෙන් රෝහල් උපකරණ මෙන්ම වෛද්‍ය උපකරණ රැසක් විනාශ වී ඇති අතරම තක්සේරු වටිනාකමක් මෙතෙක් වාර්ථා වී නොමැත.

ගින්න ඇති වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම විදුලි කාන්දුවකින් ගින්න ඇතිවන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය සැකපල කොට සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now