සෙරෙප්පු ගබඩාවක හදිසි ගින්නක්..

Police spokesman Sri Lanka Police Fire Accident
By Aruna Jul 22, 2024 05:28 AM GMT
Report

ඌවපරණගම ඌමාඇල ප්‍රදේශයේ පිහිටි සෙරෙප්පු ගබඩාවක අද (22) හදිසි ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වනවා.

පොලිසිය සදහන් කළේ, මෙම සෙරෙප්පු ගබඩාව වසා තිබියදී මෙසේ ගින්න හටගෙන ඇති අතර , බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය , අඹගස්දොව පොලිසිය , ඌවපරනගම ප්‍රාදේශීය සභාව එක්වී වතුර බවුසර් යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට සමත් වූ බවයි.

හිරුණිකා සම්බන්ධයෙන් මීට සුළු මොහොතකට පෙර අධිකරණය දුන් තීන්දුව මෙන්න..

හිරුණිකා සම්බන්ධයෙන් මීට සුළු මොහොතකට පෙර අධිකරණය දුන් තීන්දුව මෙන්න..


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සැක පල කරන්නේ, විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවයි.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ ය.