පුතාගේ පිහි පහරින් පියාට දිවි අහිමි වු භයානක පුවත..

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime Murder
By Sithumini Jul 20, 2024 11:37 AM GMT
Report

පුතාගේ පිහි පහරින් පියාට දිවි අහිමි වු භයානක පුවත..

පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ භයානක පුවතක් ඉපලෝගම, හිරිපිටියාගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ 66 හැවිරිදි පියා හිසේ ලේ ගලන තුවාල සහිතව නිවස ඉදිරිපිට බවයි පොලීසිය සදහන් කළේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 34 හැවිරිදි තරුණයෙක්. මෙම පුත්‍රයා නිරන්තරයෙන් සිය පියාට පහර දෙන බවට පොලීසියට තොරතුරු වාර්තා වී තිබුණා.

මෙම ඝාතනය සිදුවන අවස්ථාවේදිත් ඔහු සහ පියා පමනක් නිවසේ සිට ඇති බවය් වැඩිදුරටත් වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.