"මේක මගේ අනිත් එක තාත්තගේ... මාව ඇක්සිඩන්ට් කරන්න තමයි කළේ.."ප්‍රදේශයක් සලිත කරමින් පිය පුතු දෙදෙනා වාහන එකිනෙක හප්පා ගනී. (VIDEO)
අද උදෑසන සිදුවූ සිදුවීමක් ප්‍රදේශයක් සලිත කරන්නට සමත් වුණා.
මේකට හේතුව වුණේ මෙයට සම්බන්ධ වී ඇත්තේ පියා සහ පුතා වීමයි.
අද (15) අලුයම බේරුවල පොලිස් ස්ථානය අසල ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දී එකම පවුලේ පියා සහ පුතා ඔවුන් අතර පවතින පෞද්ගලික විරසකයක් හේතුවෙන් කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක හප්පා ගෙන තිබෙනවා.
පියා ව්‍යාපාරිකයකු වන අතර ඔහුට අයිති බේරුවල ධීවර වරායේ ඇති ධීවර යාත්‍රාවක් අද අලුයම් කාලයේ සොයා බැලීමක් සඳහා බේරුවල ධීවර වරායට යන අතරතුර, බේරුවල දෙස සිට පැමිණි ඔහු ගේ පුත්‍රයා බේරුවල පොලිස් ස්ථානය අසල දී ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථය ඔහු ගේ පියා ගේ බව හඳුනාගෙන තිබෙනවා.
පසු ව ඔහු පැදවූ කුඩා ප්‍රමාණයේ වෑන් රථය, කාර් රථයේ හප්පා හානි සිදු කර තිබෙන අතර පුත්‍රයා පැමිණි වෑන් රථයට ද හානි සිදු ව ඇති නමුත් අනතුරෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නැහැ.
සිද්ධියට මුහුණ දුන් මෝටර් රථය සහ වැන් රථය මේ වන විට බේරුවල පොලීසිය භාරයේ පවතින අතර,සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරන බවය් වාර්තා වන්නේ...