මෙරට ප්‍රධානතම රෝහලේ නේවාසික රෝගියෙකුට මාරාන්තික ප්‍රහාරයක්.

Colombo National Hospital Maradhana Ananda road
By Sewvandhi Feb 05, 2022 09:35 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකුට, පිටතින් පැමිණි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී පලායාමේ සිද්ධියක් වාර්තා වුණා. 

 පොලිසිය සඳහන් කළේ මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මරදාන -ආනන්ද මාවත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු බවයි.

අද (05) අලුයම එකට පමණ ඔහු ජාතික රෝහලට ඇතුලු කරනු ලැබුවේ ද සිය නිවස ආසන්නයේදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුවයි. පසුව අද උදෑසන රෝගීන් බැලීමට පැමිණෙන මුවාවෙන් පැමිණි සැකකරුම රෝහල් වාට්ටුවට පැමිණ යළි තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ රෝගියාගේ කෑගැසීමත් සමඟ සැකකරු ඔහුගේ අතකට පිහියෙන් පහර දී පලාගොස් ඇති බව සඳහන්. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා බරපතල තත්ත්වයේ පසු නොවන අතර පලාගිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධියෙන් පහරකෑ පුද්ගලයා මරදාන ප්‍රදේශයේ සුළු අලෙවිසැලක් පවත්වාගෙන යන අයෙකු වන අතර ඔහුට පහරදුන් සැකකරු මීට පෙර වැරදි කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබූ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now