පියෙකු තම ලොකු පුතා සමග එකතු වී පොඩි පුතා පුතාව ඝාතනය කළ අධිසංවේදී පුවත..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 15, 2023 12:24 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පියා සහ අයියා එකතු වී තම 25 හැවිරිදි පොඩි පුතාට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එක් දරු පියෙකි.

පුද්ගලික ආරවුලක් මුල් කරගෙන මෙම මිය ගිය පුද්ගලයා සහ වැඩිමහල් සොහොයුරාත් පියාත් අතර ඊයේ(14) දින රාත්‍රී 10.45 ට පමණ  බහින්බස්වීමක් සිදුව ඇත.

මෙලෙස මියගිය පුද්ගලයාගේ උපන්දිනයද ඊයේ දිනට යෙදී තිබුණ අතර මිතුරන් සමග එම සාදයත් පවත්වා මෙම මියගිය පුද්ගලයා නිවසට පැමිණ ඇත.

මියගිය පුද්ගලයාගේ බිරිද මැදවච්චිය පොලිසියට පවසා ඇත්තේ, අනතුරුව පියාත් සමග ඇති කර ගත් බහෙන් බස් වීම දුර දිග ගොස් අයියා සහ පියා එකතු වී තම සැමියාව ඇදේ තිබූ බුරුත පොල්ලකින් සහ උදලු මිටකින් ගසා ගේ ඇතුලේදීම ඝාතනය කළ බවයි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගැනීමට මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි .බී රත්නායන මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේම කටයුතු කර ඇත. සැකකරුවන් පිළිබඳව වැඩිදුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරයි.