පියා සහ බාලවයස්කාර පුතුන් දෙදෙනාට දිවි අහිමි කරමින් ගමක් කම්පාකල අවාසනාවන්ත සිදුවීම

Sri Lanka
By Sewvandhi May 26, 2022 02:02 AM GMT
Report

මහියංගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45,15 සහ 10 හැවිරිදි වියේ පසුවූ පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනාය.

හබරවැව, කිරිමැඩිල්ල ප්‍රදේශයේ පදිංචි මොවුන් ඊයේ පස්වරුවේ දම්බරාව වැවේ දින නෑමට ගොස් තිබේ.

ඔවුන් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් සිදුකළ සොයාබැලීමකලදී දිය නෑමට ගිය ස්ථානයේ ඔවුන්ගේ ඇඳුම් සහ පාවහන් පමණක් තිබී ඇත.

පසුව ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලී සිටි පුද්ගලයින් ගොඩට ගෙන මහියංගනය රෝහල වෙත රැගෙනගොස් ඇති අතර ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එහිදී හෙළිවී තිබේ.

මහියංගනය පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now