කුඩු සික් එකට ෆාමසියෙන් දුන් විසදුම මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka
By Aruna Sep 17, 2022 07:03 AM GMT
Report

ඉක්මනට පෝසත් වෙන්න ගිය හොර ඖෂධවේදියා ඇන ගනී රජයේ ඖෂධ අදිකාරියේ ලියාපදිංචි නොමැතිව ඖෂධ හලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු තලවකැලේ කඳවුරේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පෙරේදා (15) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මානසික රෝගීන් සදහා වෛද්‍ය නිර්දේශ මත පමණක් නිකුත් කරනුලබන වෙිදනා නාෂක පෙති මෙන්ම මත්පෙති සන්තකයේ තබාගෙන වැඩි මිලට අළෙවි කර ඇත සැකකරු තලවකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙක් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක නිලධාරී වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදුකල ප්‍රශ්න කිරිමි වලදි මෙම පෙති අදික ලෙස හෙරොයින් පානයකරන පුද්ගලයන්ගේ ඉල්ලීම්වලට අනුව රුපියල් 2500 සිට ඉහල මිල ගණන්වලට නිකුත් කරන බවට හෙලිවී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now