උසස් පෙළ විභාගයෙ ව්‍යාජ කාල සටහනක් සංසරණය වීම ගැන විශේෂ දැනුම්දීමක්..!
social media
CID
al exam
L M D Dharmasena
Fake time table
By Sewvandhi
මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජව සැකසූ කාලසටහනක් අන්තර්ජාලයේ හුවමාරු වන බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ට දැනුම් දී තිබෙනවා.
මෙම කාලසටහන හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින් ප්‍රමාද වී විභාගයට පැමිණ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ, නිවැරදි කාල සටහන ලබා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |