රට පුරා සියලුම විද්‍යා පීඨවල සිසුන් වෙනුවෙන් විශේෂ තීරණයක් ගනී..පාසල් වලටත් මෙය ක්‍රියාත්මක කරයි..?.
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල සිසුන්ගේ ආහාර වේල් සඳහා ඒ ඒ පීඨ පරිශ්‍රවල පවතින කොස්, දෙල් ඇතුළු සියලු ආහාර ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීමට පීඨාධිපතිවරු ප්‍රමුඛ කථිකාචාර්යවරු පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.
එම සිසුන්ගේ ආහාරපාන වෙනුවෙන් දිනකට ලැබෙන රුපියල් එකසිය හැට හයක මුදල ප්‍රමාණවත් නොවන හෙයින් මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ සංගමයේ ලේකම් ධම්මික මිරිහාන මහතා පැවසුවේ, මේ නිසා සිසුන්ගේ ආහාර වේලේ පවතින පෝෂ්‍යදායී බව දිනෙන් දින පිරිහෙමින් පවතින බවත්, පීඨ පරිශ්‍රවල පවතින ආහාර ද්‍රව්‍ය පාරිභෝජනයට පියවර ගත්තේ එම තත්ත්වයෙන් මිදීමට බවත් ය.
සිසුන්ට දැනට ලබා දෙන රුපියල් පන්දහසක මාසික දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර එම යෝජනාව අනුමත වුවහොත් පිරිමසා ගත හැකි තත්ත්වයක් ඇති වන බව ද ලේකම්වරයා සඳහන් කළා.
පවතින ආර්ථික තත්ත්වයන් මත රුපියල් පන්දහසක මාසික දීමනාවක් ණය මුදලක් ලෙස සිසුන්ට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර ගත් උත්සාහයක් අසාර්ථක වුණා.