ඇස් කෙවෙන්නේ ඇත්තටම දුකක් කරදරයක් නිසාද මෙන්න හේතුව..

Ministry of Health Sri Lanka
By Subodha Jul 13, 2022 04:36 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අතීතයේ සිටම ඇහි පිය නටන ගතිය නැතිනම් අහිපිය කෙවෙන ගතිය අතීත ගැමියන් හදුන්වනු ලබන්නේ දුකක් හෝ සතුටක් සිදුවිමට පෙර නිමිත්තක් වශයෙනි. නමුත් තාක්ෂණයේ හා වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග ඇහිපිය කෙවෙන ගතිය එහෙමත් නැතිනම් ඇහැ නටන ගතිය කියා හඳුන්වන්නේ ඇහිපිය ආශ්‍රිත මාංශ පේශීයක් සංකෝචනය වීමේදී අනිච්ඡානුගව (ඉබේම) ඇතිවන ගැස්මකටයි කියා පිලි ගැනීමක් සම්මත විය.

මෙම මාංශ පේශීයක් සංකෝචනය විම මිනිත්තු කිහිපයක් වැනි සුලු කාලයකදී ඉබේම ඇතිවී නැතිවී යයි. නමුත් ඇතැම් අවස්ථාවල මේ තත්වය ඉතා කරදරකාරී වෙන්නට පුළුවන්. ඇත්තටම මෙහෙම ඇස් කෙවෙන්නේ ඇයි කියා අපි බලමු.

1.ඇස් වල ඇති වන වියලීම නිසා

අපේ ඇස් නිතරම තෙතමනය සහිතයි. නමුත් ඇස් වියලිම නිසා මෙම ගතිය ඇති විය හැකිය. වයස අවුරුදු 45- 50 ට වැඩි පුද්ගලයින් තුළ වැඩි කාලයක් ඩිජිටල් තිර භාවිතා කරන අය තුළ හා ඇස් කාච පලඳින අය තුළ මේ ඇස් වල වියළිබව පොදු ගැටලුවකි.

2.ආතතියෙන් පෙළෙන අයෙකුට ඇතිවිය හැකිය.

ඇස් කෙවෙන ගතිය සිරුරේ තෙහෙට්‍ටුව හා ආතතිය වගේ හේතු නිසා පැනනගින තත්වයක් විය හැකියි. ඇස් කෙවෙන ගතිය ඇතිවීමට බලපාන වඩාත් පොදු හේතු ලෙස සැලකෙන්නේ ද මෙයයි . ඒ නිසාම ආතතිය දුරුකරවන අභ්‍යාස වල නිරතවීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම අක්ෂි ව්‍යායාම හා ගැඹුරු ශ්වසන අභ්‍යාස ඉතා ඵලදායි. ඒ වගේම දිනපතාම හොඳ ගුණාත්මක නින්දක් ලබාගන්නට උත්සහ කළ යුතුයි.

3.ඇතැම් විට ඔබේ ඇස් වල ආසාත්මිකතාවක් ඇතිවී තිබෙනවා විය හැකියි.

අපේ ශරිරයේ වැදගත්ම ඉන්ද්‍රියක් වන ඇස් විවිධ ආසාත්මිකතා වලට ලක්විය හැකිය. එසේ ඇස් වල ආසාත්මිකතාවක් ඇතිවූ විට එහිදී ඇතිවන කැසිල්ල, කඳුලු පිරීම හා ඇස් ඉදිමීම වගේ ලක්ෂණ නිසා දැනෙන අපහසුතාව මගහැරගන්නට බොහෝ අය ඇස් තදින් ඇතිල්ලීමට හෝ කැසීමට පෙළඹෙනවා. මේ ක්‍රියාව නිසා කඳුලු තරලයට හා ඇහිබැමි පටක වෙත හිස්ටමීන් මුදාහැරෙන්නට පටන්ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇස් කෙවෙන්නට පටන්ගනියි.

4.දිනපතා ප්‍රමාණවත් නිනිදක් නොගැනීම.

නින්ද යනු අයෙකුට අත්‍යවශම දෙයකි. සාමාන්‍ය මනුස්සයෙක් දිනකට ප්‍රමානවත් නින්දක් නොගැනීම මගින් බෙහෝ ලෙඩ රෝග වලට ගොදුරු විය හැකිය. ඇස් කෙවෙන ගතිය ඇසි නින්දක් නොමැතිව විඩාබර වි සිටින අවස්ථාවක ඕනම අයෙකුට ඇතිවිය හැකිය. එම තත්ත්වය මග හරවා ගැනීම සදහා දිනකට ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගන්න.

5.ඔබ දවසේ වැඩි කාලයක් ඩිජිටල් තිර ඉදිරියේ ගත කිරීම

පරිගණකය, ස්මාර්ට් දුරකථනය හෝ වෙනත් ඩිජිටල් උපාංග අධික වෙලාවක් තිස්සේ එක දිගට භාවිතා කිරීමෙන් ඔබේ ඇස් විඩාවට පත්වෙයි. මෙය ඇස් කෙවෙන ගතිය ඇතිවීමට තුඬු දෙයි. එසේ සිදුවන්නේ ඩිජිටල් තිරය දෙස බලා සිටිම මගින් ඇස තුල ඇතිවන වියලි පවත් සමගය. ඔබ පරිගණක තිරය දෙස බලා සිටිය යුතු රැකියාවක් කරන අයෙක් නම් ඔබ සෑම මිනිත්තු 20 කට වරක්ම තිරයෙන් ඉවතට ඔබේ ඇස් වල අවධානය යොමුකළ යුතුය. අවම අඩි 20 ක් පමණ ඈතින් ඇති වස්තුවක් දෙස තත්පර ගණනක් වත් බලාගෙන සිටින්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now