ප්‍රධාන විභාගයක් ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්..
Sri Lanka
Scholarship
Examination department
By Aruna
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිලිතුරුපත් පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ලබන 31 වනදා තෙක් අයදුම්පත් යොමුකළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ජාතික හැඳුනුම්පත් අංකය භාවිතයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ එහි නිල ජංගම දුරකථන යෙදවුම වෙත පිවිසීමෙන් මෙන්ම onlineexams.gov.lk වෙත පිවිස මේ හා සම්බන්ධ විය හැකියි.
මේ සම්බන්ධයෙන් 0112 785 231 සහ 0112 785 681 යන දුරකථන අංක අමතා විමසීම් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |