උත්සව සමයේ දී ජනතාවට ලැබෙන සහනය ගැන දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

Sri Lanka Politician Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 21, 2024 06:07 PM GMT
krishani

krishani

in ආහාර
Report

එළැඹෙන උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.

උත්සව සමයේ දී ජනතාවට ලැබෙන සහනය ගැන දැනුම්දීමක් මෙන්න.. (PHOTO) | Essential Foods During The Festive Season

ගොවියත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ' ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමිනි.

පසු අස්වනු තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කරමින් අස්වනු හානිය අවම කිරීමටත්, ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට රට සූදානම් කිරීමටත් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

එම නිවේදනය පහතින්,

Gallery