දික්කසාදයක් මරණ 8න් කෙළවර වෙයි..!

By Sewvandhi Jan 06, 2023 08:13 AM GMT
Report

පුද්ගලයෙකු විසින් සිය පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු ඝාතනය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා . මෙම  සිදුවීම අමෙරිකාවෙන් වාර්තාවන අතර අමෙරිකාවේ Enoch City ප්‍රදේශයෙන් මෙම සංවේදී පුවත වාර්තා වී තිබේ. මෙම අමානුෂික ඝාතනයට හේතුව ඔහුගේ 40 හැවිරිදි වියේ පසුවන බිරිඳ විසින් ගොනුකළ දික්කසාද නඩුවක් බවටද මූලික විමර්ශනවලින් අනාවරණය වීතිබේ.

 සිය පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු ඝාතනය කළ පසුව 42 හැවිරිදි වියේ පසුවන ඔහුද එම ස්ථානයේදීම සියදිවි හානිකරගෙන ඇත.

අදාළ සැකකරු කාන්තාව සහ දරුවන් පස් දෙනෙකුට මෙහිදී වෙඩි තබා ඝාතනය කර ඇත. එසේම මියගිය දරුවන් වයස අවුරුදු 4ත් 17ත් අතර වයස් පසුවන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස අතර ඔහුගේ බිරිඳගේ මවද වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඇයගේ වයස අවුරුදු 78ක්