වෙසක් පෝය දවසෙම එමී අම්මා කෙනෙක් වුනා, මගේ රත්තරන් කියලා එමීව බදාගත්තා (PHOTOS)

Gossip Today Actors Sri Lankan Actress
By Sithumi May 16, 2022 06:19 PM GMT
Report

වෙසක් පෝය දවසෙම එමී අම්මා කෙනෙක් වුනා, මගේ රත්තරන් කියලා එමීව බදාගත්තා අකිල ධනුත්තර කියන්නේ පුංචි තිරයේත් සිනමාවේත් නිරන්තරයෙන් දකින්න ලැබුණු දක්ෂ රංගන ශිල්පියෙක්. 

ජැක්සන් ඇන්තනි මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන අකිල අම්මා තාත්තා වගේම කාලාව ඇඟේම පිහිටලා තියන කෙනෙක්. ඉතින් මේ සුන්දර රංගන ශිල්පියා මෑතකදී නම් නව නිර්මාණ තුලින් අපට දැකගන්න ලැබුනේ නැහැ. කළා ජිවිතේ වගේම අකිලගේ පෞද්ගලික ජිවිතේ ගැන කතාකරද්දී ඒකත් ගොඩක් සුන්දර එකක්. ඔහු මේ වෙනකොට සුන්දර විවාහ ජිවිතයක් ගතකරනවා.

අකිල දැන් දියණියකගේ ආදරණිය පියෙක් කියලත් ඔයාලා දන්නවා ඇති. ගැහැණු පිරිමි ඕනම කෙනෙක් විවහා වුනාට පස්සේ තියන ලොකුම බලාපොරෝත්තුවක්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන එක. ඉතින් අපි ඔබට දැන් කියන්නේ අකිල තාත්තා කෙනෙක් වුන දවසේ දැනුන සතුට ගැන ඔහු කියපු කතාවයි. වසර ගණනාවක ආදර කතාවකින් පස්සේ අකිල සහ එමී දෙදෙනා විවහා වෙනවා.

මේ පවුලේ අක්කයි මල්ලිලා දෙන්නයි තුන්දෙනාම විවහා වුනේ එකම දවසේනේ. අකිල සහ එමීගේ බලාපොරොත්තුව වුනේ ඉක්මනින්ම දරුවෙක්ගේ මුහුණ බලන එක. ඉතින් කාලයක් ආසාවෙන් හිටිය ඒ හීනය සැබෑ වුනාට පස්සේ අකිලට දැනුන දේ ගැන කිව්වේ මෙහෙමයි. එදා තරම් සතුටක් මගේ ජීවිතේට කවදාවත් දැනිලා නැහැ. ඒක හරිම උත්තරීතර හැගීමක්, මට හිතුනා දරුවෝ හදන්න පුලුවන් අයත් විවාහයෙන් පස්සේ ඒක පමා කරන්නේ මොකද කියලා. එමී අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තේ හරියටම වෙසක් පෝය දවසේමයි. ඒක දැනගත්ත ගමන්ම තාත්තා ඇවිල්ලා එමීව බදාගත්තා මගේ රත්තරන් දුව කියලා

. ම්මත් සතුටින් අපි දෙන්නාවම බදාගත්තා, දුවෙක් ඉන්නවා කියලා දැනගත්තේ එමිගේ උපන්දිනේ දවසේමයි, අක්කා කලින් ඒක දැනගෙන ඉඳලා උපන්දිනේ දවසෙම පුදුම කරන්න ඕන නිසා නොකිය හිටියා. මාත් මුල ඉඳලාම හිතාගෙ හිටියා අපිට ලැබෙන පලවෙනි දරුවා ගැහැණු දරුවෙක් වුනානම් හොඳයි කියලා. එමියි මමයි විවාහා වුනේ අවුරුදු දහ තුනක් ආදරේ කරලා. අපි දෙන්නම උපරිමයෙන් ආදරේ විඳලා තියනවා. අදටත් ඒක වෙනසක් වෙලා නැහැ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery