හදිසි නීති රෙගුලාසි සමඟ පොලිසියට ලැබෙන බලතල.

Sri Lanka Police Sri Lankan protests State of Emergency
By Wayomi May 09, 2022 10:04 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report
මේ දිනවල සතියක් ඇර සතියක් වගේ හදිසියේම දාන හදිසි නීතිය නිසා රට පුරා හරි කලබල. ඉතින් අපි බලමු මේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සහ ඒ හදිසි අවස්ථා රෙගුලාසි සමඟ පොලිසියේ රාජකාරිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. 

👇

👮‍♂️ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම.
👮‍♂️ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම.
👮‍♂️ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම.
👮‍♂️ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සහ යහපත ආරක්ෂා කිරීම
👮‍♂️ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය සහ ආරක්ෂාවට එල්ලන ප්‍රහාර වැළැක්වීම.
👮‍♂️ මහජන සාමය සහ සමානාත්මතාවය නැවත ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
👮‍♂️ මහජන සාමය පවත්වාගෙනයාම, ආරක්ෂා කිරීම සහ නියාමනය කිරීම.
👮‍♂️ අත්‍යවශ්‍ය සේවා සහ සැපයුම් නැවත ක්‍රියාකාරී කිරීම, නියාමනය කිරීම කළමනාකරණය සහ පාලනය
👮‍♂️ අත්‍යවශ්‍ය සේවා සහ සැපයුම නතර ක්‍රියාකාරී කිරීම නියාමනය කිරීම කළමනාකරණය සහ පාලනය
👮‍♂️ විශාල ස්වභාවික හෝ හදිසි ව්‍යසනයකින් පසුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සහ හානිය අවම කිරීම, පීඩාවට පත් ජනතාවගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම, අත්‍යවශ්‍ය සේවා සහ සැපයුම් පවත්වාගෙනයාම සහ නැවත ප්‍රතිස්ථාපනය ආදියත් ඇතුළත්ව එම තත්වයන්ට ඵලදායීව ප්‍රතිචාර දැක්වීම.
👮‍♂️ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව, ශ්‍රී ලංකා ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, මහජන සාමය, ජනතාවගේ යහපත සහ අත්‍යවශ්‍ය සේවා සහ සැපයුම් පවත්වාගෙන යම් ආදියට යනාදියට අහිතකර වර්තාවක් ඇතිවන හැසිරීම් නීති විරෝධී කිරීම.
👮‍♂️ එවන් වැරදි කිරීම සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ දඬුවම් දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම.
👮‍♂️ හදිසි නීති රෙගුලාසි යටතේ එවන් වැරදි කිරීම වැළක්වීම සඳහා කටයුතු කිරීම.
👮‍♂️ හදිසි නීති රෙගුලාසි යටතේ පුද්ගලයන් මෙවන් වැරදි කිරීම වැළක්වීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම.
👮‍♂️ හදිසි නීති රෙගුලාසි යටතේ වැරදි කළ පුද්ගලයින් ඇතුළුවීම පිටවීම තහනම් කිරීම හෝ සීමා කිරීම.
👮‍♂️ හදිසි නීති රෙගුලාසි යටතේ වරදකරුවන් හඳුනාගැනීම, අනාවරණය අත්අඩංගුවට ගැනීම, රක්ෂිත බන්ධනාගාර ගත කිරීම, පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්ථාන පරීක්ෂාව සහ පරීක්ෂණ පැවැත්වීම සඳහා චංචල දේපල අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීම.
👮‍♂️ හදිසි නීති රෙගුලාසි යටතේ වැරදි කරන ලද අයට අපරාධ නඩු කටයුතු, නඩු විභාගය සහ අභිචෝදනා ඉදිරිපත් කිරීම.
👮‍♂️ එවන් වැරදි කරන පුද්ගලයන් මත පනවන ලද දණ්ඩන නියමයන් කළමනාකරණය කිරීමෙන් දඬුවම්.
👮‍♂️ හදිසි තත්ත්වය ප්‍රකාශට පත් කර ඇති තත්ත්වයන්ට අහිතකර වූ බරපතළ තත්ත්වයක් ඇතිකර රෙගුලාසි හෝ නීති ප්‍රතිපාදන අත්හිටවීම සංශෝධනය කිරීම සහ නවීකරණය කිරීම.
👮‍♂️ හදිසි තත්ත්වයේ ප්‍රකාශයට පත් කර ඇති තත්ත්වයන්ට අහිතකර බලපෑම් සිදු කෙරෙන මෙහෙයුම් නීති සහ රෙගුලාසි භාවිතය සහ බලාත්මක කිරීම අත්හිටුවීම.
👮‍♂️ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති හේතුව ශක්තිමත් කිරීම සඳහා යම්කිසි නීතියක් හෝ රෙගුලාසියක් සංශෝධනය හෝ නවීකරණය කිරීම් සහිතව යොදා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීම.
👮‍♂️ ජාතික හා මහජන ආරක්ෂාව ජනතාවගේ යහපත අත්‍යවශ්‍ය සේවා සහ නීතිය සැපයුම පවත්වාගෙන යාම සඳහා යම්කිසි දේපලක් හෝ සේවාවක් අයත් කර ගැනීම පාලනය කිරීම සහ කළමනා කළමනාකරණය කිරීම හෝ භාවිතා කිරීම.
👮‍♂️ ජාතියක හෝ මහජන ආරක්ෂාව ජනතාවගේ යහපත හෝ අත්‍යවශ්‍ය සේවා සහ සැපයුම් පවත්වාගෙන යාම සඳහා යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය බවට ප්‍රකාශයට පත් කිරීම.
👮‍♂️ යම් යම් ස්ථාන තහනම් කිරීම හෝ සීමා කරන ලද බවට ප්‍රකාශයට පත් කිරීම සහ ඒ ඒ ස්ථානවලට අදාලම කොන්දේසි පැනවීම.
👮‍♂️ නිශ්චය කරන ලද ස්ථාන වලට හෝ ඉන් පිටතට ජනතාව ගමන් කිරීම සීමා කිරීම.
👮‍♂️ පොදු ජනතාවගේ සාමාජිකයන් පොලිස් ස්ථාන වලට ඇතුලත් වීම හෝ පිට වීම සම්බන්ධයෙන් රෙගුලාසි
👮‍♂️ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම - හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම සඳහා ඒවා අධීක්ෂණය කිරීම සහ පරීක්ෂණයට ලක් කිරීම සඳහා නිසි බලධාරීන් පත් කිරීම.
👮‍♂️ අත්‍යාවශ්‍ය සේවා සහ සැපයීම කළමනාකරණය සහ පරිපාලනයට නිසි බලධාරීන් නිලධාරින් පත් කිරීම.
👮‍♂️ හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම නිසා පීඩාවට පත්වන පුද්ගලයන්ට සහන සැපයීම සඳහා සමාලෝචන මණ්ඩලය පත් කිරීම.
👮‍♂️ සිවිල් පරිපාලනය සම්බන්ධීකරණය සඳහා නිසි බලධාරීන් පත් කිරීම.
👮‍♂️ හදිසි නීති රෙගුලාසිවල ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම සඳහා සහ පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාව කැඳවීම්.
👮‍♂️ හදිස්සි තත්වය ප්‍රකාශට පත් කිරීම නිසා ඇති වූ තත්ත්වයන් තුළ පීඩාවට පත් වූ හෝ ඉන් බලපෑමට ලක් වූ ඕනෑම පුද්ගලයකුට සහන සැලසීම.
👮‍♂️ හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ දී පීඩාවට පත්වන පුද්ගලයන්ට වන්දි ගෙවීම සඳහා සහන සැපයීම.