සැමියෙක් බිරිඳ ඝාතනයට යෙදූ සූක්ෂම සැලැස්ම..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi May 06, 2023 07:57 AM GMT
Report

පිටිගල පොලීසිය විසින් ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට අනාවරණ කරගෙන ඇත.

ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා. 

පසුගිය 30වනදා පිටිගල මානමිපිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශිය සභාව අසල මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එය ඝාතනයක් බවය. අනතුරුව සැකපිට අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා මෙම ඝාතනය කර ඇති බවය. මියගිය කාන්තාව 40 හැවිරිදි වියෙහි පසුවන අතර ඇයගේ සැමියා 25 හැවිරිදි වියෙහි වේ.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now