සුපිරි මෝටර් රථය පොඩිකර දැමූ බිහිසුණු මෙරට අලි ප්‍රහාරයේ දර්ශන..(VIDEO)
විදෙස් ජාතික යුවළක් ගමන් ගත් මෝටර් රථයකට හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේදී ඊයේ වන අලි ප්‍රහාරයක් එල්ලවිය. මින්නේරිය 38 කණුව ප්‍රදේශයේදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්‍රේන ජාතික යුවළකි.
ඔවුන් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පොළොන්නරුව දෙසට ගමන් කිරීමේදී මාර්ගය අයිනේ සිටි මෙම වනඅලියා දැක එහි නතරවී තිබුණි. පසුව ඡායාරූප කිහිපයක් ගෙන ඇති අතර එහිදී වනඅලියා ඔවුන් දෙසට පැමිණ තිබේ.
ඉන් බියවී ඇති එම විදේශික යුවළ දුවගොස් තිබූ අතර එහිදී වනඅලියා ඔවුන් පැමිණි රථය දෙසට ගමන් කර ඊට පහරදී ඇත. වනඅලි ප්‍රහාරයෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති අතර මාර්ගයේ ගමන් ගත් ටිපර් රථ රියදුරෙක් සිය රථයේ නලාහඬ නංවා වනඅලියා වනයට පළවා හැරීමට කටයුතු කර තිබුණි.
පසුව අදාළ විදේශිකයින් දෙදෙනා ඔවුන් නවාතැන් ගෙන තිබූ හෝටලයට ගොස් තිබූ අතර වනඅලි ප්‍රහාරයට ලක්වූ රථය මින්නේරිය පොලීසිය විසින් එම පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.
එම අවස්ථාවේ සජීවී දර්ශන පෙළ පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |